Friday, March 27, 2015

ආදරය හා ආශාව


ආදරය වු කලී යම් කෙනෙකුගේ හිතේ ඇතිවෙන තේරුම් ගැනීමේ හැකියාව මත උපදින්නා වු කරුණාබර වූ උපෙක්ෂා සහගත හැගීමක් ම වේ. එය සංසාර ගත බැදීමක් ද විය හැකිය.
ආශාව යනු කෙනෙකුගේ හිතේ රාගය,ලෝබය,ඇල්ම මත ඇති වන්නා වු දැඩි බැදීමකි.ආදරය ආශාවෙන් හට ගැනීමට ද පුළුවන් නමුත් එම ආදරයේ යථා සොරූපය මෙයම නොවන්නේද යන්න සිතා බැලීමට ඔබට හැකියාව ඇත.
ඔබ යම් දිනෙක යම් වස්තුවකට ආශා කරන්නේද කල් යත්ම එය ම ආදරයට පෙරළෙනු නොඅනුමානය. ආශාව නිසාම ඔබ එම ආදරයට දැඩි සේ ඇළුම් කරන්නේ උමුතුවෙනි.ඔබ එම ආදරය විශ්වාස කරන්නට පෙලබෙන්නේය. ආදරයෙන් පොරොන්දු ඉල්ලන්නේ ය. ඔබ එයට ආශාව වැඩි නිසාම ඔබේ ජීවිතයද ආදරය වෙනුවෙන් කැපකරන්නේය. එයින් විටෙක ඔබ ඔබේ වටිනා ජීවිතය නැති කරගැනීමට යුහුසුළු වනු ඇත.
කල්යත්ම ආශාව මත ඇති වුනු ආදරය සැකය නම් විෂ එකතු වන්නේය. එවිට ඔබ සැම විටම ඔහු හෝ ඇය පිළිබද අවිශ්වාස නම් වු ඇසෙන් බලන්නේය. සැකය වැඩි වෙත්ම ඔබට හෝ ඇයට ඔබව පිළිකුල් වන්නේය. කාලය ගෙවෙත්ම ඔබට ඔහු හෝ ඇය ගැන ඇති ආශාව මිදෙන්නේය. ඔහු වෙනුවෙන් කැපකල කාලය ටිකෙන් ටික අඩු වෙයි.දෙදෙනා අතර නොගැලපීමේ ප්‍රශ්නය පිළිතුරු නැති ප්‍රශ්න. හේතු නැති සිත් රිදවීම් අවසානයේ කිසි දිනක නොවිදපු ආරවුල් අවමාන ගලා යන නදියක් සේ ජීවිතයට පැමිණෙනු ඇත.

මොහොතක් සිතන්න.....
ඔබ ඔහුව තේරුම් ගෙන ආදරය කලාද ඔහු දැක ආදරය කලාද යන්න. දැන් ඔබට වැටහේවි ඔබ කිනම් පසුබිමක් යටතේ ආදරය තෝරාගත්තේද යන්න. තේරුම් ගෙන ආදරය කරන්නෝ ගල්පර දැක නොනවතින නදිය සේ එකම දෙසකට එකම මගකට ඇදෙනු ඇත.ඔවුන් ප්‍රශ්න හමුවේ නොබියව මුහුණදෙයි. දෙදෙනා සාකච්ඡා කොට බොහෝ ප්‍රශ්න විසදා ගනී. නැතිනම් ඔවුනොවුන් සමාජ අවවාද මත තම ජීවිතය සාදා ගනී.
හදවත් තේරුම් ගෙන ආදරය කරන්නන්ට කුල-මල, ජාති-ආගම්,කළු-සුදු,මිල-මුදල්,දුප්පත්-පොහොසත්,පෙනෙන-නොපෙනෙන,කිසිවක් අදාල නොවේ ඔවුනට ඇත්තේ ඔවුන්ගේ තේරුම් ගැනීම මත ගොඩනැගුනු ආදරය පමණි, එය පදනම් කොට ඔවුන් ඉහත කී සියළු දේ ඔවුන්ගේ ජීවිතයට ළගාකරගනුයේ දෙදෙනාගේම උත්සහයෙනි.ඔවුන් යතාරථයේ ජීවත් වී ජීවිතය විදිති.
ඔබත් රූපය දැක ආශා කර ආදරය වැලද ගන්නවාද නැතහොත් හදවතේ අදහස් තේරුම් ගෙන ආදරය වැලද ගන්නවාද යන්න සිතා බලන්න.
(.....චෙස්.....)
* මෙහි අඩු පාඩු ඇතිනම් එයට සමාවෙන්න..

No comments:

Post a Comment