හේතුවක්
නොමැතිවම
දුවයි තැන
නොතැන නොදැන
සොයයි රස පහස
පමණක්ම
දුක ඉවත්කර
නමුදු වෙහෙස
වී
හති වැටී
වැටෙන විට
දැනෙයි දුකම
පමණක්ය
උරුම ලොව
සැමහටම
දුවන්නට තැනක්
නැත
සිඹින්නට මලක්
නැත
අවසානෙ අත්හරී
අපේ මේ
ශරීරය..
නිමක් නැති
දිවිමගේ
කොනක් කොයි
සොයන්නද
අතර මං වී තවම
අකාලයේ මියයැදෙයි
අපේ මේ
සිත......

No comments:
Post a Comment