මුවින් නො බැණ ඉවසනු සුදන ගරැ කම
නොමින් කුමුදු විකසිත වනු දැක ම
විළින් මෙන් තඔුරු මුකුලිත වේය හැම
තමන් හට සමාන නොවන්නන් සමාන බවට පත් කල කතා බහක් නැතිව ඉවසා ගෙන සිටීම සත්පුරුෂයන් ගේ ගෞරවය පිණිස වෙයි. කුමුදු වනය බොහෝ සෙයින් පිපීගෙන එනු බලා සියළු ම නෙළුම් මල් ලැජ්ජාවෙන් මෙන් පරවී යයි.
No comments:
Post a Comment