කුමරාණනේ නැතිදෝ...
මා සදාදරණිය පෙම හිමි ආදරණීයයානනි ඔබ මා තනිකර ගියේ මට සිතන්නටවත් ඉඩ ඉතුරු
නොකරය. සැමදාම මා ඔබ මගේ ඇයි පැතුවත් දෑසපියා සිතුවත් එය සිහිනයක්ම විය. මට තුරුළු
වෙලා එදා තෙපෙලු ඒ වදන් ඔබෙන් හමා ආ මාගේ හද පතුලටම කිදාබැස්සාවූ ඔය සුසුම් අද
නැත. මා ලග ඉතුරුව ඇත්තේ ඔබේ සුවද පමණි එයත් දැන් මට හිමිනැත. ඔබ සියළුදේම අද
මාගෙන් රැගෙන ගොස් ඇත. අද මම තනිවී ගෙවුනු ජීවිතය ගැන පසු තැවෙන මුත් ඔබ ගවුසිය
ගවු ගොස් දුරස් වී ඇත.
මා පෙරුම් පිරුවේ මගේම ලස්සන කැදැල්ලක් සාදා ගන්නට වුවද දෙමාපියන්ගෙන් ද
මගෙන් ද අවසර ගෙන ඔබ වෙනෙකෙකු සමග යුග දිවි ඇරබුවේ සිතු සියළු සිහින බොද
කරමින්මය.. ලසෝ ගිනි ඇවිලෙන්නේ මගේම හදෙහි පමණමයක..
මගේ පැතුමන් දෙස ඔබ මොහොතක් හෝ බැලුවේහිනම් මුළු ජීවිතේම සැනසෙන්න තිබුනා
මට ඒත් කිසිදාක ඔබ මාව තේරුම් ගත්තේ ද නැත්..
කුමරාණනේ නැතිදෝ දන්නේ මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ..
ඔබේ ඇසගින් බලා
සනසන් මගෙ සිහිනේ...
සදුටත් කියලා හිරුටත් කියලා
ඔබ තරුවෙන් අරන් ගියා..
සුවද සලා පෙති විහිදා
සුමුදු සිනා විදි සිහිනේ
කදුලින්ම ගිනි බින්දේ....
ඔබ තරුවෙන් අරන් ගියා..
සුවද සලා පෙති විහිදා
සුමුදු සිනා විදි සිහිනේ
කදුලින්ම ගිනි බින්දේ....
සුසුමක් තියලා සුවදක් තියලා
ඔබ සුවද අරන් ගියා
මගේ කියා දෑස පියා
මම ඔබේ ලගින් හිටියා
ඔබ ගව් සිය දුර ඇදුනා....
ඔබ සුවද අරන් ගියා
මගේ කියා දෑස පියා
මම ඔබේ ලගින් හිටියා
ඔබ ගව් සිය දුර ඇදුනා....
කුමරාණනේ නැතිදෝ.......
http://sinhalasongs.lk/sinhala_mp3/adaraneeya_wassanaya/songs/Kumaranane.mp3
No comments:
Post a Comment