
රටේ පිණි පහනක් වු අස්ගිරි මහ විහාරවංශික උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛ්ත මහනාහිමියන් ඊයේ අළුයම අපවත් වී වදාල සේක..
රට දැය සමය වෙනුවෙන් අමිල සේවයක් කර අපවත් වන විට 85 වන වියේ පසු වූ උන්වහන්සේ සාසනයේ උන්නතිය වෙනුවෙන් විශාල කැපකිරීමක් කල අතර සද්ධර්ම කීර්ති ශ්‍රී ශ්‍යාෙමෝපාලී මහනිකායේ අස්ගිරි පාර්ශවයේ මහනයක ධුරයේ කටයුතු කළේය..
මෑත කාලයේ
උන්වහන්සේ අභීත කතාවක් කළහ. එනම් ශ්‍රීිි දන්ත ධාතූන් වහන්සේ වැඩවසන මහනුවර දළදා
මලිගයේ ඉදිරිපිට ඇති මාර්ගය විවෘත කිරීමට රජය කටයුතු කල අවස්ථාවේ රජයේ එම ක්‍රියාවට
එරෙහිව අභීතව උන්වහන්සේගේ විරෝධය පලකළේය..
කවුරුන් කැමති
උනත් තමන් වහන්සේ එම මාර්ගය විවෘත කීරීමට නොදෙන බවද එය රජයේ ඉහල නිලධාරීන්ටද කියා
සිටියේය..
සිහළයන් හට
තවත් මිණපහනක් නිවී ගියේ ඊයේ 2015/04/08 වන දින අළුයම සිංගප්පූරුවේ පුද්ගලික රෝහලක
දීය..
මහනායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේට මුළු මහත් ජාතිය විසින්ම අජරාමර නවන් සුව පතන්නෙමු...
No comments:
Post a Comment